වෙළඳ ප්‍රචාරණය

ප්‍රචාරණයෙන් තොරව කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ජනතාව අතරට ගෙන යාම හෙණ්ඩුව නැතිව හස්තිරාජයෙකු පවත්වාගෙන යාමක් වැනිය. ඒ තරමටම ප්‍රචාරණය අත්‍යවශ්‍ය සාධකයක් බවට වෙළඳ ලෝකයේ දී පත් වී ඇත. ඒ අනුව ඒනෑම ව්‍යාපාරයක් සාර්ථක ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙළඳ ප්‍රචාරණය නැතිවම බැරි කරුණක් වී හමාරය. ස්ටුවර්ට්.එච්.බ්‍රීට් නැමැති ඇමරිකානු වෙළඳ ප්‍රචාරණ උපදේශකවරයා වරක් සඳහන් කරනු ලැබුවේ වෙළඳ ප්‍රචාරනයක් නොමැතිව ව්‍යාපාරයක් පවක්වාගෙන යාම අඳුරේ කාන්තාවකට ඇසක් ලසසා ඉඟි කිරිමක් වැනිය යනුවෙනි. එබ කරනා එම ක්‍රියාව එබ දැන සිටියත් අනෙක් පාර්ශවය ඒ පිළිබඳව දැනුවත් නොවන බවයි. මෙම ආකර්ෂණීය අර්ථ ගැන්වීම තුලින් වෙළඳ පචාරණය ව්‍යාපාරයක ඉදිරි පැවැත්මට කොතරම් බලපෑමක් කරන්නේ ද යන්න අපට තේරුම් ගැනීමට හැකිය.
වෙළඳ ප්‍රචාරණයේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී එය ඉතා ඈත අතීතයට දිව යන බව අවබෝධ කර ගත හැකිය. අ අද භාවිත කරනු ලබන වෙළඳ ප්‍රචාරණය මීට වසර 200 කට ඉහත දී පමණ ඇති වූවකි. ඊට පෙර ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර තුළ ප්‍රචාරණය භාවිතා වූ බවට ඓතිහාසික සාධක දැකගත හැකි බව අලෙවිකරණ විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් වර්ෂ 1450 ගණන් වලදි මුදණ යන්ත්‍රය සොයා ගැනිම වෙළඳ ප්‍රචාරණයේ මුල් ගත තැබීම ලෙස සඳහන් කල හැකිය. ප්‍රවත්පත බිහි වීම හා එහි ව්‍යාප්තිය භාණ්ඩ හා සේවා නිශ්පාදයන්ට තම ප්‍රචාරණය ජනතාගත කිරීමේ මාවත පුළුල් කර දීමට සමත් විය. යුරෝපය පුරා මෙම නව ප්‍රවණතාව ක්‍රමිකව ව්ධනය වන්නට විය. මුල් කාලීන පුවත්පත් වල පළ කරනු ලැබූ දැන්වීම් අතර කර්තෘ ප්‍රකාශය,  මංගල යෝජනා, විවිධ බීම වර්ග ආදිය පිළීබඳ දැන්වීම් බහුල වශයෙන් අන්තර්ලත වී තිබුණි. 
19 වන සියවස වන විට වෙළඳ ප්‍රචාරණය හා එහි ව්‍යාප්තය තවත් පුළුල් කිරීම සමත් විය. ඒ අනුව ප්‍රථම වෙළඳ ප්‍රචාරණ ආයතනය වර්ෂ 1892 දී ලන්ඩන් නුවර දී Reynell & Sons නමින් ස්ථාපිත කරනුු ලැබීය. වර්ෂ 1841 දී ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා හිදී එරටේ ප්‍රථම වෙළඳ ප්‍රචාරණ ආයතනය Volney Palmer විසින් ස්ථාපිත කරන ලදී. ඒ අනුව වෙළඳ ප්‍රචාරණය හා දැන්වීම් නිර්මාණය කිරීමේ වෘත්තිය ලොවට දායාද කිරීමක් සිදු විය. අද දක්වා එම වෘත්තිය  ලොව පුරා පවත්වාගෙන ඒමට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය සමත්කම් දක්වා ඇත. වෙළඳ ප්‍රචාරණය ක්‍රමයෙන් බුවත්පත අභිබවමින් ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍යය කරා පුළුල් වීම පසු කාලීනව සිදු විය.
ප්‍රචාරණය හා අලෙවිකරණය ඕනෑම භාණ්ඩ හෝ සේවාවක පැවැත්මේ අනාගතය තිරණය කරන අත්‍යවශ්‍ය සාධකයක් බව පත්‍යක්ෂ සාධකයකි. අලෙවිකරණ ක්‍රියාවලියක් සම්පූර්ණ වීම සඳහා අලෙවි මිශ්‍රිතය සම්පූර්ණ විය යුතු බව ඇමරිකානු අලෙවිකරණ සංගමයේ සභාපති නීල් බෝර්ඩන් විසින් වර්ෂ 1953 දී ඉදිරිපත් කරන ලදී. ඒ අනුව වෙළඳ ප්‍රචාරණය අවබෝධ කර ගැනීමේ දී අලෙවිකරණය පිළීබඳව ද හසල දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය කාරණයක් වේ.
වෙළඳ ප්‍රචාරණය යනු නිර්මාණාත්මක කලාවක් ලෙස හඳුනාගත හැකිය‍. එම නිර්මාණශීලී බව සඳහා විශාල වටිනාකමක් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රය තුල දැකගත හැකිය. තත්පර 30 ක් තුළ සංකල්පයක් වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් බවට පත් කිරීමේ හැකියාව මෙම ක්ෂේත්‍රයේ දී අතිශයින් වැදගත් වේ. බටහිර රටවල දැන්වීම්කරණය පිළීබඳ අවධානය යොමු කිරීමේ දී සංස්කෘතික කාරණා ආසියාතික රටවල මෙන් වැඩියෙන් සැැලකීමට බඳුන් නොකරන ස්වභාවයක් දැකගත හැකිය. කෙසේ වුවද සුවඳ විලවුන්, මත්පැන්, උපත් පාලන කොපු, විලාසිතා ආදී විවිධ භාණ්ඩ හා සේවාවන් සදාචාරාත්මක කාරණා මත වාරණය වූ අවස්ථාවන් ද ඉතිහාසය පිරික්සා බැලීමේ දී අපට හඳුනාගත හැකිය. 


0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post