කතු වැකිය යනු කුමක්ද ?


පාඨකයන්ගේ ආකර්ශනය දිනා ගන්නා ආකාරයේ කතු වැකියක් ලිවීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු කිහිපයක් ඇත. කාලයෙන් කාලයට කතු වැකි වල ස්වභාවය වෙනස් වේ. එමෙන්ම එය අර්ථකතනය කර ඇති ආකාරයද එක් එක් නිරීක්ෂණයන්ට අනුව වෙනස් වේ. සමහර අර්ථකතන ඉතා සෘජුය. 1931 දී ලියොන් ෆිල්න්ට් පවසා ඇත්තේ “කතුවරයාගේ ආකල්පයේ මුද්‍රණය කල ප්‍රකාශය“ කතුවැකිය බවයි. කර්ටස් මැක් ඩොගල් 1975 දී පවසා ඇත්තේ “කතුවැකිය යනු ප්‍රකාශනයේ අඩංගු, පාඨකයාගේ සිතුවිලි, මතවාද හා ක්‍රියාකාරීත්වයට බලපෑම් කල හැකි කොටසක්“ බවය. මෙම අර්ථකතන දෙකම ප්‍රධාන කරුණු 02 ක් අවධාරණය කරයි. එනම්,

 01. කතු වැකිය යනු අධිකාරී බල සහිත කතෘ මණ්ඩල සාමාජිකයෙකුගේ ප්‍රකාශයකි.

 02. කරුණු ඉදිරිපත් කරන්නේ යම් අයුරකින් මතවාදයක් ද සමඟය.

 සරල ලෙස ගතහොත් කතුවැකිය මතවාදයක් ඉදිරිපත් කෙරෙන ලිපියකි්‍ විචාරකයන්ට විචාරයන් තුල තම පුද්ගලික මතය නොලියන ලෙස උපදෙස් ලැබේ. ප්‍රවෘත්ති වාර්තාකරුවෝ හුදෙක් සිද්ධියත් පිළිබඳ කරුණු පමණක් ඉදිරිපත් කරති. කතුවැකිය මගින් මතවාද ඉදිරිපත් කල හැකිය. එය රචකයා ඉදිරිපත් කරන මතවාදයම කේන්ද්‍ර කර ගනී. රචකයා තමා ඉදිරිපත් කරන මතය සනාථ කිරීම සඳහා උපරිම උත්සාහ කරයි. මෙම තහවුරු කිරීම සඳහා උපයෝගී කර ගන්නා තර්ක විවාද හා වෙනත් පෙළඹවීම් මගින් පාඨකයා තුල අපේක්ෂිත බලපෑම් ඇති කරනු ලැබේ.

රචකයා තම තර්ක විතර්ක ඉදිරිපත් කිරීම හරහා තමාගේ මතවාදයට වටිනාකමක් එක් කිරීමට උත්සාහ දරයි. ජාතික තලයේ දී නොතකා හරිමින් තිබෙන වටිනා යමක් ඉස්මතු කොට කරලියට ගෙන එයි. තෝරා ගන්නා තේමාව පිලිබඳ ජාතික තලයේ කතිකාවතක් ගොඩ නගයි.

පුළුල් ලෙස විමසා බැලීමේ දී පෙනී යන්නේ කතු වැකියක් රචනා කිරීමේ සම්මත ආකෘතියක් දක්නට නැති බවයි. එමෙන්ම නිශ්චිත රචනා විධියක් ද නැත. රචකයා සිය අදහස ඉදිරිපත් කිරීම සඳහා උචිත නිර්මාණාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කර ගනී. 

කතු වැකිය ස්වභාවයෙන්ම මතවාද ලිපි පිටුවේ පල කරනු ලබන්නකි. සඟරාවක නම් කවරයට ආසන්නයේ තනි පිටුවකි. අන්තර්ජාල වෙබ් අඩවියක නම් විවිධ ස්ථානවල පළ කරනු දකිය හැකිය. කතු වැකිය මතවාද තීරුවලට බෙහෙවින් සමානය.

කතු වැකියක් තුල දක්වන අදස් ඉදිරිපත් කෙරෙන විග්‍රහ සාමාන්‍ය දැනීමෙන් එදිනෙදා කතා බහේදී ඉදිරිපත් කරන සරල ප්‍රකාශන ඉක්මවා යා යුතුය. නිසැකයෙන්ම පාඨකයාගේ මනස තුල නව කල්පනා අවුළුවන එහු දැනටමත් දන්නා දේ පිලිබඳ නිශ්චිත තීරණ ගැනීමට එකහෙලා උපකාර වන දැනුම මතවාදි ශක්තිය හා ජන සම්පන්න බව කතු වැකියක අන්තර්ගතයේ අඩංගු වීම අවශ්‍යය.

ඉහත ලක්ෂණ තවත් අයුරකින් විග්‍රහ කරන්නේ නම් කතු වැකිය තුල සිව් වැදෑරුම් ගුණ දැකිය හැකිය. එනම්,

01. පැහැදිලි කිරීම හෝ අර්ථකතනය කිරීම.

02. විවේචනය

03. පෙළඹවීම

04. ප්‍රශංසාව හෝ පෙළඹවීම

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post