මෙගා නාට්‍යයනක් නිෂ්පාදනය වීම ඇරඹුණේ ටෙලි නාට්‍ය කලාව, කර්මාන්තයක් දක්වා
අපගමනය වීමේ ප්‍රතිඵලයක් ලෙසය. කර්මාන්තයක් පදනම් වන්නේ වාණිජ පරමාර්ථ සාධනය කර
ගැනීම මතය. කලාවක් වියයුතු දෙයක් කර්මාන්තයක් බවට පත් කර ගත් පසු ඉන් ඉටුවිය යුතු
සමාජ පරමාර්ථ හා වගකීම් නිසි ලෙස හඳුනා ගැනීමක් සිදු නොවේ. එබැවින් මෙගා රැල්ල
හරහා අප මුහුණ දී සිටින අවාසනාව මෙයයි. ලාංකේය මෙගා නාට්‍යන්ගෙන් වැඩි ප්‍රමාණයක
නිවසේ පියා විහිළුකාරයෙකු බවට පත්කර ඇත. ඉතිරි ඒවායේ බිරිඳ හෝ දරුවන් හෝ නොතකා
හරින, හුදෙක් තම මතයේම එල්බ සිටිනා දරදඬු පුද්ගලයෙකු බවට තාත්තා පත්කර ඇත. ඒ මෙගා
තාත්තා ලාංකේය සමාජයේ අක්මුල් බැසගත් අපේ තාත්තා ව කිසි ලෙසකින්වත් නිරූපණය කරන්නේ
නැත. මහා වනස්පතියෙකු මෙන් පවුලට රැකවල් සලසන අපේ තාත්තා එහි නැත. ආවේගශීලී නොවන,
දූරදර්ශීව හා බුද්ධිමත්ව ක්‍රියා කරන අපේ තාත්තා එහි නැත. නිහඬ දරු සෙනෙහසින්
ඔපවත් වූ උත්තුංග ජීවිතයක් හිමි අපේ තාත්තා එහි නැත. රූපවාහිනී තිරය තුළ
ජෝකර්වරයෙකු වූ තාත්තාව කිසි ලෙසකින් මායිම් නොකරන, තම තමන්ගේ හිතු මනාපයේ ජීවත්
වන දරු පිරිසක් මිස තාත්තා කෙරෙහි පවත්නා බිය සම්ප්‍රයුක්ත ගෞරවයෙන් යුතුව හැසිරෙන
සුජාත දරුවන් මේ නාට්‍යන්හි දක්නට නැත. මෙම මෙගා නාට්‍ය චරිත වීරයන් යැයි සලකා
අනුගමනය කරන්නට පෙළඹෙන දරුවන් නිරායාසයෙන්ම ගෙදර තාත්තාව විහිළුවක් කර ගනී. ගෘහ
මූලිකයා වටා ගොඩනැගුණු උත්තරීතර පවුල් සංස්කෘතියේ බිඳ වැටීම මෙයින් ඇරඹේ.
මෙගා නාට්‍යයන් සෑම විටම පාහේ අම්මාව ගෙනහැර දක්වන්නනේ දරුවන්ගේ ගමනට අකුල්
හෙළන, දූ දරැවන්ගේ ප්‍රේමයන්ට වළ කපන, මහා විරුද්ධවාදිනියක ලෙසය. ගත ලේ කිරට
හැරවූ, දාරක ස්නේහයෙන් යුතුව ඇට-ඇට මිඳුළු තෙක් විනිවිද ගිය උත්තරීතර මාතෘත්වයේ
අපමණ දයාවෙන් යුතුව දරුවන් පෝෂණය කළ අපේ අම්මා එහි නැත. තම දිවි දෙවැනි කොටගෙන
දරුවන්ගේ යහපත පළමු තැන්හිලා සලකන අපේ අම්මා එහි නැත. මහත් වූ පති භක්තියෙන් යුතු
වූ, ගේ දොර කටයුතු මැනවින් ඉටු කරන, දරුවන්ට හා සැමියාට සැමවිට විවෘත වන, පවුලේ
සියල්ලන්ගේ හොඳම සවන්දෙන්නිය වූ අපේ අම්මා එහි නැත. ඒ වෙනුවට සිටින්නේ සැමියා හො
දරුවන් ගැන මාතෘ සෙනෙහසින් නොසිතන ජේත්තුකාර මවුවරුන්ය. මවක සතුවිය යුතු ගුණදම්
පෙනෙන්නටවත් නැති මවුවරුන්ය. තිරයේ සිටින
ඒ මෙගා අම්මලා ඉදිරිපිට පණ දෙවැනි කොට අපට සලකන අපේ අම්මලා අවතක්සේරුවට ලක් කරන
දරු පරපුරක් බිහි වන්නේ ද කිසිදු ආයාසයකින් තොරවය.
ලාංකේය මෙගා රැල්ලට මුල පිරූ ඉන්දීය මෙගා රැල්ල ලාංකේය සමාජය ආක්‍රමණය කර
හමාරය. එදාවේල යාන්තමින් සරිකර ගත්තවුන් පවා රාත්‍රී හත,අට වෙද්දී රූප පෙට්ටිය
වටකර ගන්නේ තමන්ගේ කුසගින්දරට වඩා දැවෙන ප්‍රශ්න වූ ජෝදාගේ, ඉෂිතාගේ, ස්වප්නාගේ,
ඉශානිගේ හා ශනායාගේ ප්‍රශ්නවලට කන් දෙන්නටය. තම සමීපතමයන්ගේ පීඩාවන් අභියස කඳුළක්
නොහෙළු නෙත්, මෙගා නාටිකාංගනාවන්ගේ රංගනය ඉදිරිපිට කඳුළු ගංඟා හෙළති. ඉන්දියාවෙන්
ගුරුහරුකම් ලද ලංකාවේ මෙගා නාට්‍යයන්වල තත්ත්වය ද මීට සමානය. අද පෙන්වන මෙගා නාට්‍යයන්ගේ
ලාංකේය පොදු ජන ජීවිතය නියෝජනය වන්නේ කීයෙන් කීයකද? දුගී දුප්පත් සාමාන්‍ය ජනතාව
පෙනී සිටින්නේ කීයෙන් කීයකද? සැබෑ ශ්‍රී ලාංකේය ජීවන රටාවන් මෙගා තිරයේ ඇතුළත්
වන්නේ අල්ප වශයෙනි. යම් තරමක හෝ ඉහළ මට්ටමකින් සාමාන්‍ය ජනයා නියෝජනය වුවද ඒවායේ
පෙන්වන්නේ ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය ප්‍රේමය පමණක්ම වන බවය.
ප්‍රශ්නය ඇත්තේ නාට්‍යයන් මෙගාවීම තුළ නොව, ඒවායේ පෙන්වනු
ලබන දෙය තුළය. මෙගා නාට්‍ය
තුළින් සිදු කරනුයේ සත්‍ය වසන් කිරීමකි. සත්‍ය ඉස්මතු කරන මෙගා සංස්කෘතියක් බිහි
කීරීමට නොහැක්කේ නොවේ. මනුෂ්‍යත්වයට
සැබෑ අගයක් එක් කරමින් පසුගිය සමයේ සුජාත දියණිය නමින් විකාශය වූ ටෙලි නාට්‍ය
මෙකී විනාශකාරී රැල්ලෙන්
මිදුනු යහපත් නිර්මාණයකි. තවත් එවන් නාට්‍යයක් ලෙස එදා මෙදා තුර ජනප්‍රියත්වයට
පත් වූ ඔෂීන් මාලා
නාටකය දැක්විය හැකිය. යුද්ධයේ
ඛේදනීය අත්දැකීම්, උසුලා ගත
නොහැකි තරම් වූ පවුල් බර වැනි සැබෑ ගැටළු හමුවේ අභිතව නැඟී සිටින දිරිය කාන්තාවන්ගේ
චරිත මෙම නාට්‍යයන් ඔස්සේ දිගහැරුණි. එනිසා ලාංකේය රූපවාහිනි සහ ටෙලි නාට්‍ය
නිෂ්පාදකයා මේ ආකාරයට මානව චිත්ත සන්තානයන් බුද්ධිමත්ව ආමන්ත්‍රණය කිරීම අරඹන්නේ
කවදාද යන පැනය ඇසීම වරදක් නොවේ. ප්‍රේක්ෂකයා අවුලෙන් වියවුලට පත් කරන, මානසික
අබ්බගාතයෙක් බවට ඇද දමන, මනෝමය ලෝකයක අතරමං කරන මෙගා නාට්‍ය වෙනුවට
ආනන්දයෙන් ඇරඹි ප්‍රඥාව කරා ප්‍රේක්ෂකයන් යොමු කරන අර්ථවත් ටෙලි නාට්‍ය කලාවක් වෙත
ගමන් කරන්නේ කවදාද ?
Post a Comment