සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේ අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත.
අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම ආදී සියල්ල සන්නිවේදන ක්‍රියාවලිය හා ප්‍රතිබද්ධ වී ඇත. මානව සන්නිවේදනය කුමක්දැයි හඳුනා ගැනීඹට නම් අපි විසින් ජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයාබැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනාඟා ගන්නේ සන්නිවේදනය මුල් කර ගෙනය. විශාල ජන පිරිසක්, ඔවුනොවුන් අතර අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීඹට ප්‍රයත්න දරනවා විය හැකිය. එහෙත් මෙම ක්‍රියාවලිය එවුන් සිතන ආකාරයෙන් ඉටු නෙවීමට පුළුවන. එසේ ඉටු නොවන්නේ ඔවුනොවුන්ගේ ජීවන අත්දැකීම්, අදහස්, ආකල්ප, විවිධාකාර වන බැවිනි. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ සිතේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තර වල සාමාන්‍යත්වය අනුවය.
සන්නිවේදනයය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද් වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත් නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ගම්‍ය වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම, වේදනය යනාදී අදහස් වාද්‍ය වේ. ඉංග්‍රිසියෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩනාගගෙන තිබේ. ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද වූ බව සලකනු ලැබේ. පොදු තත්ත්වයට පත් කිරීම, හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීඹ, හා සම්ප්‍රේෂණය යන අදහස් ඉදිරිපත් වේ. සරල ලෙස විග්‍රහ කරන විට මේ වචනවලින් ඉදිරිපත් වන්නේ අදහස්, තොරතුරු, අවබෝධය, හුවමාරු කර ගැනීමය. සන්නිවේදනය යන වචනයෙහි අර්ථ විග්‍රහය පසු කාලයේ දී පුළුල් වී ඇති බව දක්නට ලැබේ. එසේ වී ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන් සමඟ සන්නිවේදනයෙහි ඇති සම්බන්ධතා නිසයි. සමහරු සන්නිවේදනය යන වචනය සඳහා විඥාපන යන වචනය යොදයි.
සන්නිවේදනය පිළිබඳව විවිධ පුද්ගලයන් විසින් විවිධ නිර්වදනයන් ඉදිරිපත් කර තිබේ.
පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන් තඅර සමාජ පසුබිම, අත්දැකීම, පසුතලය, සම තත්ත්වයක පවතී නම් එක ීකාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්ත්වයකත් නොතිබුණ ද සන්නිවේදනයේ යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනඹීට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.
චාල්සි කුලී නමැති සමාජ විද්‍යාඥයා දක්වන පරිදි මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීඹටත් උපකාර වන උපක්‍රමය සන්නිවේදනය වන බවයි. කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමෙච් අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිටම දැනුන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත, අකුරු, මුද්‍රණය හා තාක්ෂණික මාධ්‍ය යනාදිය බිහිවිය. මෙම ඓතිහාසික වරර්ධනය තුළ සන්නිවේදන ක්‍රියවලිය ද පුළුල් වී ගිල බව පෙනේ.
එඩ්වඩ් සැපීර් දක්වන පරිදි සමාජය යනු අනෙකක් නොව, සන්නිවේදනය හේතු කොට සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයයි. චරයාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙළින්ම හෝ වක් මඟන් සන්නිවේදනයට සම්බන්ධකමක් දක්වයි. සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවක් මත රඳි පවතින්නකි. මෙම සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයෙකු තුළ හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය.
සන්නිවේදනය සංකීර්ණ ක්‍රියාවලියක් වේ. එය මානව සන්නිවේදනය පැත්තෙන් ඉතාමත් ප්‍රායෝගිකය. සරල සන්නිවේදන භාවිතාවේ සිට විශ්වීය පුළුල්කරණය සඳහා සන්නිවේදනය එක සේ බලපෑම් ඇති කරවන විශ්ව සාධාරණ න්‍යායකි. තොරතුරු ග්‍රාහක ගතවීමේ ක්‍රියාවලියට ඔබ්බේ වූ සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමයන් මේ තුළ ගැබ්ව ඇත. සන්නිවේදනය පිළිබඳව හැදෑරු පර්යේෂණ කළ බොහෝ විද්වතුන් සන්නිවේදනය යන්න පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික නිර්වචන රාශියක් ඉඉදිරිපත් කොට ඇත. කාලීන සසමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රහයන් සිදුකොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රයන් සිදුකොට ඇත. හුදෙක් පණිවුඩ හුවමාරුව, තොරතුරු ක්‍රියාවලිය හා මිනිසුන් තොරතුරු සමාජය වර්ධනය කරගෙන ඇති ආකාරය පිළිබඳව එක ීනිර්වචන හහරහා අර්ථ ගැන්වේ.
විසිවන දශකය වන විට විවිධ දාර්ශනිකයන් විසින් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. 1970-1975 අතර කාලය වන වටි සන්නිවෙද්නය පිළීබඳ නිර්වචන 2000ක් පමණ පාවති බව මහාචාර්ය ෆෙක්ස් ඩාන්ස් පවසා ඇත. මෙම අර්ථකථන සමස්ථය පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ පරමාර්ථ වශයෙන් සලකා ඒවා කොටසද් 03ක් යටතේ බෙදා වෙන්කළ හැකි බවයි.
1. සාධාරණීකරණය හෙවත් පොදු කිරීම අවධාරණය කරන අර්ථකථන
2. ජාත්‍යන්තර බලපෑම් අවධාරණය කරන ැර්ථකථන
3. කිසියම් ප්‍රතිචාරයක් හෝ බලපෑමක් ඇති කරන අර්ථකථන
සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ නිර්වදන ඔස්සේ බලන විට පෙනී යන්නේ 70 දශකය වන විට සන්නිවේදනය සංකීර්ණ විෂයක් බවට පත් වූ බවයි.
පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම සන්නිවේදනය බව විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම පසුතලය, සම තත්ත්වයක පවතී නම් එකී කාර්යය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වදනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්ත්වයක් නොතිබුණ ද සන්නිවේදනයේ යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයේ අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගල වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.
හැරල්ඩ් ඩී.ලැස්වේල් නමැති සුප්‍රකට දේශපාලන විද්‍යාඥයා පැහැදිලි කරන ආකාරයට කිසියම් පුද්ගලයෙක් යම් කිසිවක් , කිනම් මාධ්‍යයකින්, යමෙකුට කිසියම් අර්ථයක් සඳහා කියනු ලබන දෙය සන්නිවේදනයයි. ලැස්වේල්ගේ මේ විග්‍රහයෙහි විවිධ අඩුලුහුඩුකම් ඇති බව පසුකාලීන සන්නිවේදන විද්‍යාඥයෝ පෙන්වා දී ඇත. ලැස්වේල් දේශපාලන කටයුතු අරමුණු කරගෙන මෙකී විග්‍රහය කර ඇති බව පෙනේ. කෙසේ වෙතත් සන්නිවේදනයේ මූලික ලක්ෂණ හඳුනා ගැනීමට ඔහුගේ විග්‍රහය උපකාරී වන බව කිව හැකිය.
කෝලියර්ගේ විශ්ව කෝෂයට අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සතෙකුගෙන් සතෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට හෝ තොරතුරු ගලාගෙන යාම සන්නිවේදනයයි. එඩ්වින් එමරි විග්‍රහ කොට ඇත්තේ අදහස් ගෙන යන කලාව සන්නිවේදනය වන බවයි. සන්නිවේදනය යනු එක්තරා අර්ථවත් නිර්මාණශීලී කලාවකි. එනම්, චිත්‍රපටි, නාට්‍ය, කෙටි කතා, නව කතා, කවි, ගීත වැනි අදහස්බ රඳවා තිබෙන නිර්මාණශීලීත්වයක් මේ තුළ තිබේ.
සංකේතවත් තොරතුරු ආශ්‍රිත උත්තේජනවත් කරුණු හුවමාරුව සන්නිවේදන ක්‍රියාදාමයේ ලක්ෂණ බව ඩේවිඩ්.කේ.බර්ලෝ දක්වා තිබේ. තොරතුරුවල ස්වභාවය අනුව ඉන්ද්‍රීය සංජානනය ඇති වන අයුරින් සන්නිවේදනයේ යෙදීම මෙයින් අදහස් වේ. පොළොව මත ගෙවුණු ඉතා දිගු අතීතය එක් දිනක් ලෙස අප කල්පනා කළහොත් සන්නිවේදනයේ උපත සිදු වූයේ ඊයේ මැදියම් රැයේ නිමේෂයකට පෙරදීය. යනුවෙන් මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මිනිසා බිහි වීමට ප්‍රථම සසන්නිවේදනය බිහි වූ බවයි. එනම් මානවයා උපක ලැබූ දා පටන් සිටම සසන්නිවේදනයේ යෙදුණු බවයි.
එඩ්වඩ් සැපීර් පැවසුවේ සමාජයේ අන්තර්ගත ක්‍රියාවලීන් රඳා පවතින්නේ සන්නිවේදනය මත වන බවයි. සමාජ පැවැත්ම සඳහා සබඳතා අවැසි යම් පුද්ගලයෙකුට තනිව සියලුම කාර්යයන් සිදු කළ නොහැකිය. ඔහු ඒ සඳහා විවිධ සබඳතා ගොඩ නඟා ගනී.
ආශිත ග්‍රන්ථ
1. චන්ද්‍රසිරි රාජපක්ෂ, සන්නිවේදන මූලධර්ම 01, ෆාස්ට් ප්‍රින්ටින්, කොළඹ.
2. සරත් එදිරිසිංහ, සන්නිවේදන ප්‍රවේශ, තරංග ප්‍රකාශකයෝ, මුදුන්ගොඩ.
3. විමල් දිසානායක, මානව සන්නිවේදනය, සීමාසහිත ලේක්හවුස් ඉන්වෙන්ස්ට්මන්ට් සමාගම, කොළඹ 02.
Post a Comment