කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය

කොත්මලේ ඉහළ කලාපවල පදිංචි ජනපදිකයන් ඉලක්ක කර මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවාවක් ස්ථාපිත කිරීම සඳහා පරීක්ෂණ විකාශනයක් 1989.02.12 දින කොත්මලේ වේල්ලට ඉහළින් පිහිටි දෝරගල ගම්මානයේ වසා තිබූ තේ කර්මාන්ත ශාලාවක කාමරයක ඉදිකළ මැදිරියක ආරම්භ කරන ලදී. මෙම ප්‍රජා ගුවන් විදුලියට එම තේ කම්හලට අයත්ව තිබූ දෝරගල පිහිටි තේ වතු පාලකවරයාගේ බංගලාවේ ස්ථාපිත කරන ලද අතර කොත්මලේ මහවැලි ප්‍රජා ගුවන් විදුලිය, 1989.02.27 දින විවෘත කරන ලද්දේ එවකට ඉඩම් සංවර්ධන හා මහවැලි අමාත්‍යව සිටි ගාමිණි අතුකෝරාල මහතාය.

මෙම ප්‍රජා ගුවන් විදුලිය පිහිටු වීමට ගාමිණිකෝරාල මහතාගේ උපකාරය ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අනුග්‍රහය ද ලැබිණි. කොත්මලේ මහවැලි ප්‍රජා ගුවන්විදුලියේ වැඩසටහන් රදැල්ල FM 89.7 ඔස්සේ ප.ව. 6.30 – 7.30 දක්වා ප්‍රචාරය කරන ලදී.

කොත්මලේ ජලාශ ව්‍යාපාරය යටතේ පවුල් 4106 ක් පදිංචි කොට තිබූ අතර ප්‍රෙද්ශයේ ප්‍රජාවගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ තේ වගාවය. අනෙකුත් ජීවනෝපායන් වූයේ වී වගාව, සුළු අපනයන භෝග වගාව, එළවළු වගාව, සත්ත්ව පාලනය හා ස්වයං රැකියා ආදියයි. භූමියේ පිහිටීම අනුව වී ගොවිතැන් සඳහා භූමිය හිතකර නොවූවද කඳු බෑවුම්වල දිගටි ලියදිවල පඩි පෙළක ආකාරයෙන් වී වගා කරනු ලැබේ. කොත්මලේ ප්‍රදේශය කඳුහෙල්වලින් යුත් ප්‍රදේශයක් නිසා දක්නට ඇත්තේ දුරස්ථ ගම්මානයන් ය. අනෙකුත් ප්‍රජා ගුවන්විදුලි පිහිටි පෙදෙස්වල මෙන් පොකුරු ගම්මාන දක්නට නැත.

කොත්මලේ මහවැලි ප්‍රජා ගුවන්විදුලි විකාශනය අයහපත් වාතාවරණයක් මත 1989.06.21 දින තාවකාලිකය අත්හිටුවන ලදී. පසුව මෙම විකාශනය යළි 1990.02.20 දින ආරම්භ කරන ලද්දේ රිවර්සයිඩ් මාවතුරේ මහවැලි නේවාසික කළමණාකරුගේ කාර්යාලය පිහිටි පරිශ්‍රෙය් වූ ගොඩනැගිල්ල තුළ ඉදිකළ මැදිරියක සිටය. FM 96.1 ඔස්සේ ප.ව. 5.55 – 7.30 දක්වා වැඩසටහන් ප්‍රචාරය කෙරිණි. 1997.01.02 දින කොත්මලේ FM නමින් උදෑසන විකාශනයක් ද ආරම්භ කළේය.


0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post