ආපදා සන්නිවේදනය

මානව ජීවිතය හා අතිශය සමීප සන්නිවේදනය යන්න මානවයාගේ කුදු මහත් හැම කටයුත්තකදී ම අත්‍යවශ්‍ය සාධකයකි. මෑත කාලීනව සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මතු වූ සන්නිවේදන ප්‍රවණතාවයකි, ආපදා සන්නිවේදනය. විශේෂයෙන් ම ආපදා අවස්ථාවක දී තොරතුරුවල අවශ්‍යතාවය තදින්ම දැනේ. ආපදාවක් ඇති වීමට පෙරත්, ආපදා අවස්ථාවේදීත්, ඉන් පසුවත් ඊට මුහුණ දීමට හා ඉන් ගැලවීමට අවශ්‍යය තොරතුරු ලබාදිය යුතුය. එතැනදී මතුවන්නේ ආපදා සන්නිවේදනයයි. 

ඕනෑම ආපදාවක් ඇති වූ විට එය සමාජය වෙත ගෙන යාමේ ක්‍රියාවලිය ආපදා සන්නිවේදනයයි.

මෙබඳු අවස්ථාවක දී තොරතුරු ලබාදීම නිවැරදි අන්දමින් ම සිදුකළ යුතුය. නැත්නම් සිදු වන්නේ ආපදාව මත තවත් ආපදාවක් සිදු වීමකි. ඒ මහාචාර්ය සුනන්ද මහේන්දු මහතාගේ අදහසයි. ජනතාව සිදු කරන්නේ යමක් සිදු වූ සැණින් එය පතුරුවා හැරීමකි. එහි සත්‍ය අසත්‍යභාවය පීළිබඳ එතරම් සිතන්නේ නැත. නමුත් කළ යුත්තේ පතුරුවා හැරීම නොව සොයා බලා ආපදා තත්ත්වය වාර්තා කිරීමයි. එනම් අදාල ආපදා තත්ත්වය පිළිබඳව සන්නිවේදනය කිරීමයි.

වර්තමානයේ දී ආපදාවක් පිළිබඳව දැනුම්දීමට හෝ දැන ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් නොතිබුණ ද පුරාණ මානවයා ස්වභාවධර්මයේ විවිධ සන්සිද්ධීන් කරණකොටගෙන ආපදාවක් හඳුනා ගතී. වැහි ලිහිණියෝ අහසේ පියාසර කිරීම, වැස්සක පෙර නිමිති බැව් ඔවුහු දැන සිටියහ. අසාමාන්‍ය ලෙස කුහුඹුවන් පොළොවෙන් මතු වීම ආපදාවක පෙර නිමති බව ඔවුන් දැන සිටියා. එමෙන්ම එකළ සතුරු උවදුරක් පැමිණි විට බෙර හඩ, නලා හඩ ආදි උපයෝගී කරගෙන තිබේ. දුම් නැංවීමෙන් ගංවතුර ආපදා දැනුම් දී ඇත. යම් නිවසක  බෝවන රෝග වැළදුන අය සිටීනම් නිවසට එන අයට ඈතදීම එය දැන ගැනීමට හැකි වන පරිද කොළ අතු එල්ලා තිබේ. මේ සියල්ලක්ම ප්‍රාථමික සන්නිවේදන ක්‍රමයන් බව පෙනේ. එමෙන්ම ඒවා ආපදා සනනිවේදනයක් ද සිදු කර ඇත. 

අද පෙරට වඩා සන්නිවේදන තාක්ෂණය දියුණුය. යම් ආපාදාවක් කල් වේලා ඇතිව දැන ගැනීමට මෙන්ම, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද ක්‍රමවේද තිබේ. නමුත් මෙවන් සන්නිවේදනයක් පිළිබඳව කාගේත් ඇස් ඇරුණේ 2004 දී සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පසුවය. 
විශේෂයෙන් ම ආපදා තත්ත්ව වාර්ත කිරීමේ දී සෑම කෙනෙකුටම මානසික ආතතියක් ඇති නොවන පරිදි වාර්තා කිරීමට වගබලා ගත යුතුය. අද ජනමාධ්‍යයන් වඩා උනන්දු වන්නේ ඇතිවීමට යන ව්‍යසනය පිළිබඳ අනතුරු ඇඟවීමට හෝ සිදුවූ ව්‍යසනයෙන් පසුව තත්ත්වය ගැන සොයා බැලීමට හෝ නොවේ. සිදුවූ අවස්ථාවේ එම ව්‍යසනය පිළිබඳව තොරතුරු ගෙන ඒමටයි. නමුත් ජනමාධ්‍ය එම අවස්ථා තුන කෙරෙහිම එකසේ ස්වකීය උනන්දුව දැකවිය යුතුයි. මහාචාර්ය රෝහණ කල්ෂ්මන් පියදාසයන් සඳහන් කරන්නේ අද ජනමාධ්‍ය මඟින් ජනතාවගේ දුක් කඳුළු විකුණන බවයි. ආපදා අවස්ථාවක දී පමණක් එය වර්තා කිරීම සඳහා කැස කවන ජනමාධ්‍යයන් සඳහා එම ප්‍රකාශය කොතරම් ගැළපෙන්නේ ද?

0 Comments

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post