ලංකාලෝකය පුවත්පත

ලංකාලෝකය පුවත්පත ලංකාවේ මුල්ම වරට පුසිද්ධ කළ පුවත්පතයි. ඒ 1960 දී ය. එහෙත් මෙය ලංකාවේ මුල්ම ලියාපදිංචි සිංහල පුවත්පත නොවේ. පුවත්පත පළමුව ප්‍රසිද්ධ කර ඇත්තේ ඩබ්.ඒ.ඊට්න් නැමැත්තෙකි.

එකළ ඉංග්‍රීසින් විසින් මෙරට ජාතික ආගමික තත්ත්වය බිඳ හෙළීමට පුවත්පත් හරහා කටයුතු කරමින් සිටිය දී එය බිඳ හෙළීමට බුලත්ගම ධම්මාලංකාර හිමිපාණන් සියම් රටේ අධාරයෙන් මෙය මුද්‍රණය කළේය. පසුව ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවා මෙම පුවත්පත ප්‍රසිද්ධ කර ඇත. පත්‍රයේ මුළු අදහස ගත්විට බුද්ධාගමේ හා සිංහල ජාතීයේ දියුණුව උදෙසා මෙය පළකර ඇති බව පෙනේ. 

ලංකාලෝකය පිළිබඳව ලක්මිණි පහන පුවත්පතෙහි තිබූ විවේචනයක දැක්වෙන්නේ, පත්‍රය කුඩා වූ නමුත් එහි ඇති ආරංචි ආදිය ප්‍රමාණවත් වන බවයි. 

මුල් කාලයේ ලංකාලෝකය පුවත්පතට විවිධ විරෝධතා එල්ල වී ඇත. එයට එරෙහිව ලංකාලෝකය පුවත්පතට සහය පළ කරමින් 1886 දී ලක්මිණි පහන පුවත්පත මෙසේ පළකර තිබුණි. 
මෙබඳු යහපත් වැඩ ගැන ක්‍රෝධයෙන් කටට ආවක් කියන නින්දිතයින්ගේ බස් වලට කම්පා නොවී මෙම පත්‍රෙය් කර්තෘ මහතා තම යුතුකම මනාසේ ඉෂ්ට කරා යැයි බලාපොරොත්තු වෙමු. (1886.08.14- ලක්මිණි පහන)

එාලස ලංකාලෝකයට වාසි වන ලෙස තොරතුරු පළ කර ඇති ලක්මිණි පහන එය පහත හෙළමින් ද ලිපි පළකර තිබේ. 
ජීවිකාවක් අසන්නට කැමති නම් කැකිරි ගති පහකොට උත්තර ලියනවා හොඳයි. (1887.8.6- ලක්මිණි පහන)

ලංකාලෝකය පුවත්පතෙහි එක් පිටපතක්වත් අද න විට දක්නට නොමැත. 1868 දී ජෝන් මර්ඩොන් මහතා හා ජේම්ස් නිකල්සන් දේවගැතිතුමා විසින් ප්‍රසිද්ධ කල මුද්‍රිත සිංහල පුවත්පත් නැමැති ඉංග්‍රීසි පොතේ ලංකාලෝකය පිළිබඳ ලුහුඬු සටහනක් ඇතුළත් ය. 

2 Comments

Post a Comment

Post a Comment

Previous Post Next Post