ආකර්ෂණයෙන් ප්‍රචණ්ඩත්වය කරා..

නූතන මාධ්‍ය තුළ ග්‍රාහකයා ආකර්ෂණය කර ගැනීමට යොදාගනු ලබන ප්‍රබලම උපක්‍රමය වන්නේ  ලිංගිකත්වයයි. මෙම තත්ත්වය ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම් මෙන්ම නිවේදන නිවේදිකාවන්ගේ ඇඳුම් පැළඳුම් නිර්මාණයන් තුළින් ද දැකිය හැකිය. ජන සමාජයට හැඟීම් සංවර කරගෙන ජීවත් වීමට වඩා හැඟීම් උසිගැන්වීමට මාධ්‍ය විශාල මැදිහත්වීමක් කරයි. අනියම් ලිංගික සම්බන්ධතා සහ සරාගී ප්‍රේම ජවනිකා ජනමාධ්‍ය තුළ ඉදිරිපත් කරනු ලබන්නේ සැලසුම් සහගත ලෙසය.
විලි වැසෙන ශ්‍රී ලාංකික ඇඳුම් වෙනුවට ශරීරයේ සියලු කොටස් වෙන් වෙන්ව හුවා දක්වන ඇඟට තදවුණු අඩනිරුවත් බටහිර කාන්තා ඇඳුම සංකීර්ණ සමාජය තුළ පතුරුවා හරින්නට රූපවාහිනි මාධ්‍ය ඉටුකළේ සුලුපටු මෙහෙවරක් නොවේ. එවන් ඇඳුම් නිෂ්පාදනය කරන ආයතන අදාළ වැඩසටහන්වල නිවේදකයින්ට මෙන්ම සහභාගීවන්නන්ටද අනුග්‍රාහශීලී ඇඳුම් ලබා දී ඒවා සමාජගත කරති. මේවායේ ප්‍රතිඵලය වී ඇත්තේ ජනමාධ්‍ය තුළින් පමණක් නොව මගතොටේ හැම තැනකදී ලිංගික හැඟීම් උසි ගැන්වීමය. මෙය විශේෂයෙන් අදාළ වන්නේ කාන්තා ඇඳුම්වලටය. වර්තමානය තුළ ඉතා ප්‍රචලිත වී ඇති හිර කාන්තා ඇඳුම් තුළින් කාන්තාවගේ සුන්දරත්වය යටපත් වී අනුරාගිකත්වය ඉස්මතු කර දැක්වේ. ශ්‍රී ලාංකේය සමාජයේ කාන්තාවන් විශාල වශයෙන් ප්‍රදර්ශනකාමයට යොමුවී තිබේ. ඔවුන් නිරන්තරයෙන් පිරිමින්ගේ හිත් මානසිකව දූෂණය කරයි. පිරිමින්ගෙන් කාන්තාවන්ට බසයේ දී වක්‍රව හෝ හුදෙකලා තැන්යල සෘජුව ද සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය මෙම ප්‍රවණතාවයේ ප්‍රතිඵල විය නොහැකිද ? ජීව විද්‍යාත්මකව පිරිමියා ඉක්මණින් ලිංගික හැඟීම් උත්තේජනය වන ස්වභාවයකින් පසුවන බව කල්පනාවට ගත යුතුය. ඇතැම් කාන්තාවන් තර්ක කරන්නේ තමන්ගේ ඇඳුම නිදහස්ව තිබිය යුතු බවයි. එහෙත් අන් සිත් දූෂණය වන සේ ඇඳුම් පැළඳුම් ඇදීම අනුචිත බව කල්පනාවය ගත යුතුය.

ලිංගික ආකර්ෂණය හරහා සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය අවම කිරීමේ දී ජනමාධ්‍යට යොදාගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වෘත්තීය සන්නිවේදකයා වගකීමෙන් කල්පනා කිරීම අවශ්‍ය වේ. විවිධ ඇඳුම් නිෂ්පාදන සමාගම්වලට වෙළඳපල නිර්මාණය කරදීමට හෝ ලිංගික ආකර්ශනය උපක්‍රම ලෙස භාවිතයෙන් ග්‍රාහකයා ආකර්ශනය කර ගැනීම වෙනුවට වගකීමෙන් මාධ්‍ය භාවිත කිරීමට මාධ්‍යෙව්දීන් උනන්දු විය යුතුය.

1 Comments

Post a Comment

Post a Comment

Previous Post Next Post